අගමැති එලවීමේ රහස් හමුවක්

Category: Gossip, Political 12 0

එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලට අදාළ රැස්වීමක් පෙරේදා (25) රාත්‍රියේ සිදු වී ඇත.

Loading...

ජනමතය හඳුනාගෙන වැඩපිළවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත්, පදුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේ සාධනීය ප්‍රතිචාරයක් නොලැබිමත් හේතුවෙන් එජාප නවක මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව වාර්තා වේ.

වික්‍රමසිංහ මහතා තනතුරු වලින් ඉවත් කිරීමට  සඳහා වන සාකච්ඡා වට ගණනාවක් අමාත්‍යවරුන්ගේ ද සහභාගිත්වයෙන් සිදු වී ඇති අතර අවසන් රැස්වීම පෙරේරදා (25දා) රාත්‍රියේ නුගේගොඩ තිබෙන එජාප ප්‍රභලයෙකුගේ නිවසේ පවත්වා ඇත. එම අවස්ථාවට එජාපයේ හිටපු අමාත්‍යවරයෙක් සමග නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මනත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගි වී තිබෙන බවත් වාර්තා වෙයි.

මෙම රහස් වැඩපිළිවෙල පිලිබඳ අග්‍රාමාත්‍යවරයාටද තොරතුරු සැල වී ඇති අතර එජාප නායකයාට හිතවත් මන්ත්‍රීවරයෙකු අරලියහග මන්දිරටේදී සිටියදී පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලකට අදාළ සාකච්ඡාවක් සඳහා ආරාධනා කරමින් ඇමතුමක් ලැබී තිබෙන බවත්, එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා විසින් සිය දුරකතනයේ හඩ වැඩිකර රනිල් වික්‍රමසිංහ මහතා ට එම ඇමතුම ඇසීමට ද සලස්වා තිබෙන බව තවදුරටත් පැවසේ.

Loading...

Related Articles

Add Comment