රනිල් ගේ ඉන්දියානු බිස්නස් සැලසුමේ ECTA බලපෑම හෙළිදරව් වේ

Category: Opinion 212 0


මේ සැලැස්මේ ප්‍රධාන කරුණු පහක්

Loading...

මේ වනවිට ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 8ක් භාවිතා කරමින් පවතින්නේ ඉන්දියාවයි. ඊට අමතරව තවත් තෙල් ටැංකි 8ක් භාවිතා කිරීමට සැලසුම් කරමින් සිටී. එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඉන්දියානු අයි.ඔ.සී. සමාගම ලංකා තුළ තෙල් ඒකාධිකාරයක් පවත්වාගෙන යනු ලබයි. ඉන්දියාව මේ වනවිට ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි 8ක් භාවිතා කරමින් සිටින්නේ කිසිදු නීතිමය බැඳිමකින් තොරවය.

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නීත්‍යානුකූල අයිතිය පවතින්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටය. තෙල් ටැංකි සංකීර්ණයේ නඩත්තු කටයුතු සඳහා ගිය ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට ඉන්දීය ඔයිල් සමාගමේ නිලධාරීන් පවසා ඇත්තේ ඉන්දීය තානාපති කාර්යාලයෙන් අනුමැතිය ගෙන පැමිණිය යුතු බවය. නීත්‍යානුකූල අයිතිය ඇති ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට වෙනත් රටක තානාපතිවරයෙකුගේ අනුමැතිය අවශ්‍ය නොවන බව තේරුම් ගත් ඛනිජ තෙල් සංස්ථා ඉංජිනේරුවන් කණ්ඩායමක් පසුගිය දෙසැම්බර් 28 වැනිදා නඩත්තු කටයුතු පිළිබඳව සොයා බැලීම ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට ගොස් ඇත. එහිදී ඉන්දීය ඔයිල් සමාගමේ ආරක්ෂකයන් විසින් තෙල් සංස්ථා ඉංජිනේරුවන් දෙදෙනෙකු සිරකොට තබාගෙන ඇත.

එට්කා ගිවිසුම හරහා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට එකඟතා ඇති කරගෙන ඇත. ඉන්දියාවේ ඉල්ලීම වී ඇත්තේ භාවිතයට ගතහැකි ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි 101න් 98ක් ඔවුන් වෙත ලබාදෙන ලෙසය. ඉන්දියාවේ එම ඉල්ලීමට ලංකා රජය ඉතා හොඳ ප‍්‍රතිචාරයක් මේ වනවිට දක්වා ඇත. ඉන්දියාවට පවරා ඇති තෙල් ටැංකි නැවත ලංකා රජයට පවරා ගැනීමට මේ වනවිට කැබිනට් පත්‍රිකාවක් සම්මත වී තිබුණද සියල්ල සිදුවෙමින් පවතින්නේ එම නීතිමය ආවරණයන්ද බැහැර කරමිනි.

පසුගිය රාජපක්ෂ රජය ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබන ලද්දේ චීනය කෙරෙහිය. ඒ අනුව රාජපක්ෂ පාලනය ජාත්‍යන්තරය කළමනාකරණය කිරීමට යාමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය. වික‍්‍රමසිංහ රජය ඉන්දියාව චීනය හා ඇමරිකාව කළමනාකරණය කිරීමට ගොස් රටේ සම්පත් විකුණා දැමීමේ දිශාවට තල්ලු වෙමින් ඇත.

ඉන්දියාව චීනය හා ඇමරිකාව ඉන්දියානු සාගර කලාපයේ දැඩි තරගයක නිරතව සිටින බව රහසක් නොවේ. මේ තත්ත්වය තුළ ලංකාව එම රටවල්වල හිරකාරයෙක් බවට පත්ව ඇත. ඉන් ප‍්‍රයෝජන ගන්නා ඉන්දියාව අසල්වැසි මිතුරාගේ භූමිකාවට පණ පොවමින් ලංකාව සමග ගිවිසුම් අත්සන් කිරීමට සැරසෙන්නේ ඔවුන්ගේ ආර්ථික ඉලක්ක වෙත ගමන් කිරීමට මිස ලංකාවේ ආර්ථික ඉලක්ක ජයගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නොවේ.

Loading...

Related Articles

Add Comment