ජනපති මෙහෙවර අති විශාලයි

Category: Opinion, Political 585 0
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට පුරා ගම්වල ජිවත්වන ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර අති විශාල බව කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ජනක රණවක මහතා පවසනවා.
 
කෙටි කලක් තුළ ඉහළම සේවයක් කළ ජනතා නායකයා වත්මන් ජනාධිපතිවරයා බවයි ඔහු පෙන්වා දෙන්නේ.
 
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක,ඩඩ්ලි සේනානායක  සහ ඩී.එස්.සේනානායක යන ජන නායකයන්ට පසුව හොරකමට වංචාවට එරෙහිව කටයුතු කළේ වත්මන් ජනාධිපතිවරයා බවයි ජනක රණවක මහතා පෙන්වා දෙන්නේ.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය ඔස්සේ  දුෂණය සහ භිෂණය පිටු දැකීම සිදුවන නිසා ඔහුගේ ප්‍රාර්ථනාවන් දේශප්‍රේමී ජනතාවගේ ප්‍රාර්ථනාවන් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
 
 
එනිසා රටේ දේශප්‍රේමී ජනතාවගේ යුතුකම වී ඇත්තේ එක්සත් ජනතා සන්ධානයට බලය දෙමින්  ජනාධිපතිවරයාගේ බලය ශක්තිමත් කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Loading...
Loading...

Related Articles

Add Comment