කිසිවකින් පාඩමක් ඉගෙන නොගන්නා කැවුම් කන්න යෝධයෝ!

Category: Opinion 40 0

හිස් ගෙඩියේ ඉදිරියෙන්ම ඇති ඇස් දෙකත්,දෙපැත්තෙන් ඇති කන් දෙකත් පමණක් භාවිතාකොට එහිම ඉදිරියෙන් ඇති කටින් අර පේන ඇහෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන්නන් පිරිසක් බවට සිංහළයා පත්වීම ඛේදවාචකයක් බවට පත් වෙමින් ඇත.හිස් ගෙඩිය තුල ඇති මොළ ගෙඩිය ඉඳලා හිටලාවත් පාවිච්චි නොකරන මේ යෝධයෝ ඕනෑම එකෙක් අඹරාදෙන ලණු ගිලින්නේ ඉමහත් කැපවීමෙනි.

Loading...

තම රට ජාතිය පිළිබඳව හැඟීම පමණක් තිබූ පමණින් රට ජාතිය බේරා ගැනීමට බැරිය.එවිට වන්නේ කුලප්පුවූ ගොනෙකුට ගොන් පොරයකදී අත්වන ඉරණමයි. බුද්ධිය මෙහෙයවා කටයුතු කරනවා මිස ඇඟේ හයිය පමණක් භාවිතා කිරීමෙන් සිදුවන්නේ තමාගේ වේගයම භාවිතා කර හතුරා තමන්ට හානි කිරීමයි.

අද අප අත් දකිමින් ඉන්නේ ඒ ලාම්පු එළියට ඇදී ස්වෙච්ඡාවෙන් විනාශය ලඟා කරගන්නා හැඟීම් භරිත ජාතික බලවේගයි.විනාශ කිරීමට අවශ්‍ය වූ විට ලාම්පුව පත්තුකර එළිය සදන්නේ අපගේ හතුරා බව නොතේරීමේ පාපකර්මයට ගෙවිය යුතු මිළ හුඟක් වැඩිය.එදා අලුත්ගම සිද්ධිය පමණක් ගත්තත් පාඩමක් ඉගෙන ගන්නවානම් ඒ හොඳට ඇතිය. එදා හරක් ඔළුවක් පංසලට ගිහින් දම්මවන්නේ රාජිත සේනාරත්න ඇමතිවරයාය.ඒ අන් කිසිවක් නිසා නොව සිංහළයාගේ අණුවන කම පිළිබඳව උපරිම අවබෝධයක් රාජිතව මෙහෙයවන ඉන්දියාණු රෝ සංවිධානයට ඇති නිසාය.

අද ඊයේ නොව රාවනා යුගයේ සිට සිංහළයා පිළිබඳ හදෑරීමක් ඔවුනට ඇත. එදාද රාවණාට කෙලවන්නේ රාවනාගේම සොහොයුරු විභීෂණව අන්ඳවා රාවණාට එරෙහිව භාවිතා කිරීමෙනි. අද ඉතාම පැහැදිළිව මුස්ලිම් අන්තවාදී සංවිධාන නඩත්තු කරන්නේද රෝ සංවිධානයයි.එහි දේශීය නියෝජිතයන් ලෙස ක්‍රියා කරන පිරිස් යොදවා ඔවුන්ට අවශ්‍ය මොහොතේදී ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීම අද ඉතා පහසු දෙයකි.මන්ද,ඒ උගුලේ වැටීමට ස්වෙච්ඡාවෙන් සූදානම් අඳබාල සිංහළයින් සොයා ගැනීම සරළ කරුණක් වී ඇති නිසාය. මහින්ද පාලනය පෙරළීම සඳහා එදා බොදු බල සේනා සංවිධානය නෝර්වේ රටින් මෙහෙයවූ ලෙසම අද චම්පිකලා,රාජිතලාගේ මැදිහත්වීමෙන් එවැනි සංවිධාන විශාල ප්‍රමාණයක් තැන් තැන්වල අටවා ඇත.කිසිදු විචාරය නැතිව කඩුව ගෙන සටනට යන සිංහළයා විනාශවන්නේ සටනේදී නොව බොරු වලවල් වල වැටීමෙනි.එයද පුද්ගලයන් ලෙස විනාශවීමක් නොව ජාතියක් ලෙස වසර සියගනනක පරාජයක් ලබමිනි. එදා 1815දී සුද්දාට රැවටුණු සිංහළයන් 1818දී කරගත් විනාශය නිසා වසර 200කට ආසන්න කාලයක් හතරගාතයෙන් වැටී සිටි බව කැවුම් කන්න යෝධයකු වූ මෝඩ සිංහළයනට ඉතාමත් කරුණාවෙන් හා ආදරයෙන් මතක් කර සිටිමි.ඒ දැනුදු “උග්‍ර මුස්ලිම් විරෝධය” නැමති බොරු වල ගැට්ටේ සිට වෙරි කාරයන් මෙන් වැනි වැනී සතුරන් කැඳවන චණ්ඩින්ගේ රැඟුම් නරඹමින් සිටින නිසාය.

සැබෑ ලෙසම මේ මොහොතේ ප්‍රමුඛතා ලයිස්තුවේ සිටින ජාතියට මාරාන්තික හතුරා වී ඇති දෙමළ බෙදුම්වාදය මේ ඊණියා මුස්ලිම් විරෝධය තුල සැඟවෙමින් උන්ගේ ඉලක්කය කරා වේගවත් ගමණක් යමින් සිටින බව අපට පෙනෙන නිසා මේවා නොකියාම බැරිය.ඔබට තේරුනද නොතේරුනද මට අවබෝධවූදේ ඔබලාට නොතේරීම මත අවලංගු නොවන නිසා මේසේ ලියා තබමි.

 

-කැලුම් ජයසුමන –

Loading...

Related Articles

Add Comment