එජාපයේ අවශ්‍යතාව පැරදවිය යුතුයි

Category: Opinion, Political 205 0
ඉදිරි මැතිවරණවලදී ජනතාව පෙළ ගැසිය යුත්තේ පක්ෂ කැඩීමට නොව පක්ෂ රැකීමට බව  බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.
ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටට සෙවණ දුන් මහා රුක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීම  සඳහා සියලු ජනතාව ඉදිරි කාලයේදී එක්වන බව තම විශ්වාසය බවයි.
සෙවන දුන් මහා රුක්ෂය කපා දැමීමට ඇතැමුන් උත්සහ කරමින් විවිද ස්වරූප මගින් පැමිණිය ද ඒ සියල්ලන්ගේ පටු අරමුණු අද වන විට ජනතාව තේරුම් ගෙන ඇති බවයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේ.
සියල්ල තේරුම් ගත් ජනතාව, ඉදිරියේදී පටු අරමුණු පෙරදැඩිව පැමිණි යන එන මං නොමැති කණ්ඩායම්වලට නිසි පිළිතුරු දක්වනු ඇති බව ඔහු අවධාරණය කරනවා.
පොදුජන පෙරමුණේ ද අනුමැතියකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව මත මහරගම ප්‍රදේශයේ ස්වාධීන කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරන අතර එම උත්සාහය පරදා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බලවත් ආණ්ඩුවක් පිහිටුවීමට අත්වැල් බැඳගත   යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ප්‍රධාන දේශපාලන පක්ෂවලින් කැඩී එන කණ්ඩායම් ප්‍රභල දේශපාලන බලවේග බවට පත් වන්නේද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
Loading...
Loading...

Related Articles

Add Comment