මූලික ප්‍රජාතන්ත්‍රවාදයේ අවමය ශ්‍රී ලාංකිකයන් සතුද?

Category: Opinion 102 0

Loading...

මේ දිනවල ආණ්ඩුවේ ඉන්න ශ්‍රි.ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීන් එ.ජා.ප. යට විරුද්ධව ප්‍රසිද්ධියේ කථා කරයි. එ.ජා.ප. මන්ත්රීලත්මන්ත්‍රීන්ද (විශේෂයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන්) ශ්‍රිලනිප ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට විරුද්ධව කථා කරයි. ඒත් හොඳින් මතක තබා ගත යුටුයි. මෙය “හුදු රංගනයක්” පමණයි. ලබන වසරේ නොපවත්වා බැරිම වන පුංචි ඡන්දයේදි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පූර්ණ ආශිර්වාදයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන එ.ජා.ප. විරෝධී ඡන්ද හැකි උපරිමයෙන් කඩා ශ්‍රිලනිපයට යට ලබා ගැනීමටත්, එ.ජා.ප. ඡන්ද, එ.ජා.ප. යට හැකි තරම් සුරක්ෂා කර දීමටත් පමණක් කරණු ලබන හුදු රංගනයක් පමණයි ඒ. එ.ජා.ප. මන්ත්‍රීවරු සහ ශ්‍රිලනිප ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් මෙසේ රංගනයක නොයෙදීමෙන් විනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන ඡන්ද අඩු කිරීමට කිසිම හැකියාවක් ලැබෙන්නේ නැත. මෙම රහසිගත කුමන්ත්රණය දුර සිට අවබෝධ කර ගැනීමත්, මහජනතාවට ප්‍රසිද්ධ ප්‍රකාශයන් හරහා දැනුවත් කිරීමත් මේ මොහොතේ අත්‍යාවශ්‍ය කර්තව්‍යයකි
.
ඉහත කුමන්ත්රණය රනිල් වික්‍රමසිංහගේ සැලසුම් අනුව, සිය ලාභ ප්‍රයෝජනය පිණිස ඕනෑම දහ ජරා දෙයක් කිරීමට නොපසුබට ලක් ඉතිහාසයේ පහළවූ නිර්ලජ්ජිතම පාවා දෙන්නා වූ මෛත්‍රීපාල සිරිසේන විසින් දුන් උපදේශයන්ට අනුව ක්‍රියාත්මක වන බව මාගේ හැඟීමය.
කුමන්ත්රණ මඟින් මහජන ඡන්දය මංකොල්ල කෑම ආණ්ඩුවේ ක්‍රමවේදය වී ඇත. ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයකට පෙරදීම ඉතා සුළුතර ආසන සංඛ්‍යාවක් තිබූ එ.ජා.ප. නායකත්වය අග්‍රාමත්‍ය ධූරයට පත් කිරීම අමු අමුවේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමකි. ඉන් පසු පැවැත්වූ මහ මැතිවරණයෙන් අනතුරුව වත්මන් පාර්ලිමේන්තු සංයුතිය කුමන්ත්රණකාරී ලෙස වෙනස් කොට ඇත්තේ මහජන පරමාධිපත්යය තුට්ටුවකට ගරු නොකොටය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතුය මහ පොළොවේ මහජන මතයට සමානුපාතිකව බෙදී යායුතු වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යාවශ්‍ය මුලිකාංගය මුත්, මෙම සංකල්පය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මරා දමා ඇත. වර්තමාන විපක්ෂ නායකවරයා එම තනතුර දැරීමට කිසිඳු ඡන්ද පදනමක් නොමැත්තෙක් වන නමුත් ඔහු එම තනතුරට පත් කොට ඇත. ඇමරිකාවට පක්ෂ සියලු අන්තර්ජාතික ප්‍රජාව මෙම තත්වයන් ඉතා ඕනෑකමින් මඟ හැරයමින් සිටී. එහෙත් මෙම තත්වය කෙසේ හෝ මර්ධනය කල යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මෙම අති බරපතල අපරාධ මෙතැනින් නොනැවතී තවදුරටත් ශ්‍රී ලාංකික ජනතාව රවටා අනාගතයටත් බලය මංකොල්ල කෑමට සිරිසේන සහ වික්‍රමසිංහ සැලසුම් කරණ බව අපගේ අවබෝධය විය යුතුය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවද ඉතා දරුණු ලෙස රැවටීමකට ලක් කොට ඇත. බටහිර කරණය තුළ සාම්ප්‍රදායික මුස්ලිම් ප්රජාවගේ අනන්‍යතාවයන් දියකර හැරීමටත්, පලස්තීනයට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනීසිටීමටත්, සිරියානු සිවිල් යුද්ධය හරහා මුස්ලිම් ජනතාව ඝාතනය කරවන පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටීමටත් ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේම සහය ලබා ගැනීමට රජය වංචාකාරීව සහ සූක්ෂමව කටයුතු කොට ඇත. බුදු දහම කෙරේ මුස්ලිම් ප්‍රජාවගේ ඇති ඊර්ෂියාවත්, ඉස්ලාම් දහම කෙරේ සිංහලයන්ගේ ඇති තරහවත් රජය කුල්මත් කරවන බව අප තරයේ මතක තබා ගත යුතුය.
ඔබ අකමැති පක්ෂයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වන විට නිහඬව සිටීමත්, ඔබ කැමති පක්ෂයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වන විට කෑමොර දීමත්, හුදෙක් මුග්ධ බව බැව් එක්සත් ජාතික පාක්ෂිකයින්ද වටහා ගත යුතුය.
අද රට හමුවේ ඇති බරපතළම අභියෝගය නම් රටට මූලික ප්‍රජාතන්ත්‍රවාදයේ අවමය දිනා දීමය. පක්ෂ භේදයකින් තොරව අප සියලු දෙනා බුද්ධිමත්ව ඒ සඳහා කටයුතු කළ යුතුය.

සටහන : ඉන්දික ලියනගේ

මෙම ලිපියේ අඩංගු කරුණු රචකයාගේ පෞද්ගලික කරුණුවේ. සංවාදයට විවෘතයි.

Loading...

Related Articles

Add Comment