“මට ලැජ්ජයි, මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන” – අසාද් සාලී

Category: Discussions 1,032 9


යහපාලනය බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබාදීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.
වත්මන් පාලනයේ නායකයන් හමුවී සාකච්ඡා කළත් තමන්ට යුක්තිය ඉටු නොවූ හෙයින් ඒ බව ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සිදුවූ බව ඔහු පැවසීය.
“මාස විසිතුනක සංහිඳියාව කෝ? සංහිඳියාවක් තිබුනානම් අද රට මේ තත්වයට පත්වෙන්නේ නැහැ.”

Loading...

“මේ ස්වාධීන කොමිෂන් ගැන විශේෂයෙන්ම කතා කළේ මම. අපේ ආණ්ඩුව පත්වුනා, ස්වාධීන කොමිෂන් ටික දුන්න, නීතිය අතට ගන්න ඕන නැහැ, පොලිසිය වැඩේ කරයි කියල අපි පම්පෝරි ගැහුවා… හැබැයි කෝ? ලැජ්ජයි මට. මේ ආණ්ඩුවද බලයට ගෙනාවේ කියල මම මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන.” යනුවෙන් අසාද් සාලි ප්‍රකාශ කළේය.

“තත්වය ඉතාමත්ම කණගාටුදායකයි”
‘ජනවාරි 08 පැතූ යහපාලනය මේකද?’
නිලමේ සහ පොලිස්පති: ‘යහපාලනය එළිපිටම හොරු රකිනවා’

ඔහු මේ බව කියා සිටියේ ජිනීවා ගොස් ආපසු ශ්‍රී ලංකාවට යමින් සිටි අතරවාරයේ ලන්ඩනයේ බීබීසී මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී ය.

“මේ කැම්පේන් කරපු මට පාරේ බැහැල යන්න බැහැ. මිනිස්සු අහනවා තමුසේ ගෙනාපු රජය අපිට කෙලිනවා කියල. එහෙම අහනකොට මට උත්තරයක් නැහැ දෙන්න.”
“බදු ගෙවන ජනතාව වේලෙනවා, දේශපාලකයා V8එකේ ඉගිලෙනවා”
ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මකවන බවට පවතින චෝදනාව පිළිබඳව බීබීසීය විමසූවිට ඔහු කියා සිටියේ එවැන්නක් ශ්‍රී ලංකාවේ නැතැයි රජය මෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයාද ප්‍රකාශ කර ඇති බවය.
“එල්ටීටීඊ යුද්දෙ කාලේ සිංහල මිනිස්සු කීදෙනෙක් ඇතුළේ හිටියද? මෙතන සිංහල දෙමල මුස්ලිම් නෙමෙයි. සල්ලිවලට වැඩ කරන පිරිස් ඉන්නවා. අපි දැක්ක එල්ටීටීඊ එකට පෙට්‍රල් දීල අහුවුනා. බෝම්බ ලොරි ගෙනිහිල්ල දීල අහුවුනා. වාහන කුලියට දීල අහු උනා. එතකොට ඒ සිංහල මිනිස්සු ඔක්කොම ත්‍රස්තවාදියෝද?” යනුවෙන් ඔහු පෙරළා ප්‍රශ්න කළේය.
එක්සත් ජාතික පක්‍ෂය සහ හිටපු ජනාධිපතිවරයා අතර ‘ගනුදෙනුවක්’ පවතින බවටද ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මෙම සංවාදයේදී චෝදනා කළේය.
බොදුබල සේනා මගේ පරාජයට හවුල් – මහින්ද
2017 දී ආණ්ඩුව පෙරළනවා – මහින්ද
2017 වසරේදී වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් කරන ලද්දේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අදහසින් බව ඔහු පැවසීය.
“කොහොමද මහින්ද බලයට එන්නේ? ජනාධිපති තුමාට දෝෂාභියෝගයක් ගේන්න ඕන. එතකොට අගමැතිවරයා ජනාධිපතිවෙනවා. ඊට පස්සේ අගමැතිවරයෙක් පත්වෙන්න ඕන. ඒකද මේ ගේම් ඒක? ඒකටද මේ අය ඔක්කොම ඇරස්ට් කරන්නේ නැතුව තියල තියෙන්නේ?”
“ඔක්කොමල බලාපොරොත්තු වුනේ 2015 ජනවාරි අටෙන් පස්සේ සාමකාමී රටක්. අන්තිමට මොකක්ද වුනේ? අපේ බලාපොරොත්තු සුන්වෙලා ගියා. එච්චරයි අපිට උනේ. හරිම කනගාටුයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම : BBC වෙබ් අඩවියෙන්

Loading...

Related Articles

9 thoughts on ““මට ලැජ්ජයි, මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන” – අසාද් සාලී

  1. blondeEt

    Greetings from Carolina! I’m bored at work so I decided to browse your website on my iphone during lunch break. I love the info you present here and can’t wait to take a look when I get home. I’m shocked at how fast your blog loaded on my cell phone .. I’m not even using WIFI, just 3G .. Anyhow, fantastic blog!
    [url=http://savage-elite.com/viewtopic.php?f=5&t=138560]blondeEt[/url]

    Reply
  2. tramiEt

    I got this site from my pal who told me regarding this website and at the moment this time I am visiting this web site and reading very informative articles here.
    [url=http://fastchoise.tumblr.com/]tramiEt[/url]

    Reply
  3. cotyEt

    One other issue is when you are in a situation where you do not possess a co-signer then you may genuinely wish to try to make use of all of your school funding options. You will discover many funds and other scholarships or grants that will offer you money to assist with university expenses. Thank you for the post.
    [url=http://dwmzone.com/forum/index.php?topic=55075.new#new]cotyEt[/url]

    Reply

Add Comment