ඇලෝසියස් හා ගෝලයා වෙනුවෙන් ඇප ඉල්ලයි

Category: Gossip 109 0

Loading...

 

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කොට සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ අර්ජුන් අලෝසියස් සහ එම සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඖෂධී පළිසේන නමැත්තන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් ලිඛිත දේශන කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට ඊයේ (07දා)බාරදෙනු ලැබූ අතර  විත්තිකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් එම විරෝධතා හෙට(09දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ලට නියම කළාය.

ඊයේ මෙම නඩුව කැඳවනු ලැබුවද, සැකකරුවන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් නොකරන ලද අතර සැකකරුවන් ලබන 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියම කර ඇත.

Loading...

Related Articles

Add Comment