අද රටේම සටන්පාඨය වෙලා තියෙන්නෙ අපේ එකයි

Category: Gossip, News 134 0

Loading...

 

මෙවර මැතිවරණයෝ ජනතා විමුක්ති පෙරමුණේ  සටන් පාඨය ලෙස  දූෂණයට, වංචාවට එරෙහිව කටයුතු කිරීම නිසා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, රාජපක්‍ෂ කල්ලියේ හොරුන්ටත් වංචාවට දූෂණයට එරෙහිව කතා කිරීමට සිදුව තිබෙන බවත් දූෂිතයන්ට, වංචනිකයන්ට දඬුවම් දීමට පැමිණි වර්තමාන ආණ්ඩුව දූෂණ, වංචා සිදුකළ බවත්, එයට එරෙහිව තම පක්‍ෂය ප්‍රබල මතවාදී ප්‍රහාරයක් එල්ල කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

මීට අමතරව එදා සිටි හොරුන්ගේ දූෂණ, වංචා එළියට ගැනීමට සිදුකළ අරගලය නිසා රාජපක්‍ෂ මහතා ළඟ තබාගෙන සිටි ෆයිල් එළියට ගැනීමට හැකි වූ බවත් මේ නිසා දූෂණයට, වංචාවට එරෙහිව සිදුකළ සටන්පාඨය රටේම සටන්පාඨය වීම ජනතා ජයග්‍රහණයක් බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Loading...

Related Articles

Add Comment