සම්පූර්ණයෙන්ම මිනිස් දෑතින් නිපැයූ ලෝකෙටම ඒකක 50ක් තියෙන ධම්මික පෙරේරාගේ කාර් එක

Category: Gossip 157 0
ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 160 ක් හෙවත් රුපියල් කෝටි 16 ක් පමණ වන Bentley Mulsanne Hallmark මෝටර් රථයක් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇති අතර එම රථය පසුගිය 14 වනදා ගුවනින් ලංකාවට ගෙන්වා ඇත.
මෙම රථය Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු වන අතර Bentley Mulsanne Hallmark රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයයි.එංගලන්තයේ H. J. Mulliner & Co සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වේ.
මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.
Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.
Bentley Mulsanne Hallmark මෝටර් රථයක ආරම්භක මිල ස්ටර්ලිං පවුම් 390,000 ක් පමණ වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 84 කි. එසේම ශ්‍රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.
Loading...
Loading...

Related Articles

Add Comment