රටේ සුභ මොහොත දැන් පැමිණ ඇත.

Category: Opinion 54 0

බාහිරව සිට ඕනෑම මිනිසෙකු දෙස බලා ඕනෑම තීරණයක් ගැනීමට අපට හැකියාව ඇත.එය හුදෙක්ව ගත්කළ බොහෝදුරට කොතරම් නිවැරැදි තීරණයක්ද යන්න කිසිවෙකුට නිගමනය කිරීමට නොහැක.මෙවැනි තීරණාත්මක වූ තීන්දුවක් මේ රටේ වෙසෙන
බහුතරයක්ද පසුගිය ජනවාරි අට ලබාදුන් බව
ඉතා පැහැදිලිය .එම තීරණයේ වටිනාකම තීරණය වන්නේ මේ යහපාලන ආන්ඩුව‍ේ ඉදිරි හැසීරීම මත විනා වෙන යම් කුමකින්ද?

Loading...

වසරකුත් ගෙවී,අයවැය වාර්තා දෙකක්ම
පාර්ලිමේන්තුවේ තබා ඇති මේ මොහොතේ
ඔබ අප සියල්ල ඒ තීන්දුව ගැන හැරී බැලිය
යුතුමය.හොර සමූහයක් එකට එකුතුවී එක්
පොහොය දිනක සිල් සමාදන් විය.නමුත් ඔවුන්
හැසිරුණේ ජීවිතකාලයේම සෑම පෝයකම සිල්
ගත්,පවු නොකරපු ,මස් නොකාපු,හොරකම්
නොකර සමූහයක් වශයෙනි .ඔවුන් සියල්ලගේම මූලිකම අරමුණ එකක් විය.ඒ තමාට අවැසි ලෙස සිල් ගන්න,තමන්ට ඕන වෙලාවට සිල් පවාරම් වෙන්න අවැසි බලයක්
පන්සලේ සාදා ගැනීමය.එයට ලොකු සාදු අවනත නොවූ තැන,ලොකු සාදුව පන්සලෙන් එළවීමට අවශ්‍ය විය.පන්සලේ දායකයන්ගේ වැඩි විශ්වාසයක් මත පන්සලේ හිටිය ලොකු හාමුදුරුවෝ එළවීම අපහසු විය.කිරීමට
කිසිවක් නොහැකිතැන පොඩි සාදුව මේ සමූහය සිය ග්‍රහණයට ගත්තෝය.ඒ නොසිතු
ජයග්‍රහණය ජනතාවට ගෙනයාමට,ලොකු සාදුව හොරා කිරීම,ඒකාධිපතියා කිරීම,හා විවිද චෝදනා කිරීමට මොවුන්ට සිදුවිය.එය ඔවුන් ඉතා පිරිසිදුව,ලස්සනට ,සැලැස්මකට
ඉටු කළේය.දායක සබාවට ලොකු සාදුගේ ගුණ අමතක විය.ගමට කරපු සේවාව අමතක විය.ලොකුසාදුට වැඩේදෙන්න කට්ටියම පෙළ
ගැසුනේය.අන්තිමට නොසිතූ ලෙස ලොකු සාදු පන්සලෙන් ගියේ මුලු රටක් හඩවමින්ය.

ඒ කාලකණ්ණි තීරණය ගැන අද දායකසභාවද,
මුලු රටමද දැන් එදාට වඩා අද කම්පා වන්නේය.
පසුතැවෙන්නේය.හඩන්නේය.වැලපෙන්නේය.

ලොකු සාදුගේ ගුණ ,තිබූ ලක්ෂණ,තිබූ පාලනය
දැන් මුලු රටටම තේරුම් ගොස් ඇත.ලොකු
සාදුගේ හොරකම් ,මේ යහපාලනයට අල්ලන්නට හෝ හොයාගන්නටවත් නොහැකි
විය.

අද ඒ මහින්ද මේ රටට විගස ඕනෑ කර තිබෙන්නේය.කොන්දක් කෙලින් තබා රටක් පාලනය කිරීමට,තම ජාතියට,ආගමට බරව රට පාලනය කිරීමට අපිට නායකත්වයක් අවශ්‍යව ඇත.එයට ඇසට පෙනෙන දුරින් සිටින එකම මිනිසා මහින්ද පමණකි.

වැරදුණ ගමන,තීරණය දැන් ඔබ අලුත් කරන්න.තිබුණු අඩුපාඩු නැවත රටට නොවිය යුතුය.මගේ රට නැවත පණ ලැබිය යුතුය.
මගේ රටේ සිංහයන් දැන් ඒ සදහා නැගිටිය යුතුය.මහින්ද ඔබට කාලය දැන් පැමිණ ඇත.පැරදුණු මහින්දව ,පරද්දපු එවුන්වම නැවත දිනවනු ඇත.මේ එයට කාලයයි.

හෙට ලබන ඔබේ උපන්දිනය රටේම උපන්දිනයක ආරම්භයම වේවා!!!!!!!!!!

සටහන:  ලක්ෂිත නවරත්න

Loading...

Related Articles

Add Comment