උපේක්ෂාගේ සිසේරියන් අත්දැකීම

Category: Gossip 57 0

අපි කවුරුත් දන්න උපේක්ෂා සුවර්නමාලි පසුගිය දිනක සිසේරියන් සැත්කමකට මුහුන දී  මවු පදවිය ලැබුවා .ඒ අවස්ථාවේ ඇය ලද අත්දැකීම් මාධ්‍ය සමග බෙදාගත්තේ මෙහෙමයි.

Loading...

“මම අන්තර්ජාලයෙන් දැකලා තිබුණා දරුවෝ ඉපදුණ ගමන් ඉන්න විදිහ. අපිරිසිදු විදිහට මුලින්ම දකින නිසා ඒක අප්‍රසන්න විදිහට මට දැනිලා තිබුණේ. ඒත් මගේ දුවව අපිරිසිදුවම මට පෙන්නද්දී මට කියැවුණා හරි සුවඳයිනේ කියලා. මම එයාව හරි ලස්සනට දැක්කා.

ඇත්තටම කිව්වොත් මම හොඳටම බයවෙලා හිටියේ. දරුවෙක් ඉපදෙන්න ඉන්නකොට අමාරු වෙනවා කියලා මම අහලා තිබුණා. ඒකත් එක්ක ඊළඟ මොහොතේ මගේ ජීවිතේට මොකක් වෙයිද කියන හැඟීම ආවේ. ඒත් මාව පරික්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා මට කළ ප්‍රතිකාර අනුව මට වේදනාවක් දැනුණේ නැහැ. දුවව එළියට ගනිද්දී මම වෛද්‍යවරයාගෙන් ඇහුවා ඇත්තටම බබාව බඩෙන් එළියට ගත්තාද කියලා. හිතේ කලබලයක් වරින් වර තිබුණත් මම හිතපු තරම් වේදනාවක් විඳින්න වුණේ නැහැ. ඒකට වෛද්‍යවරයාට ස්තුති කරන්න ඕන විශේෂයෙන්ම.”

 

 

 

Loading...

Related Articles

Add Comment