පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිලි 400 ක්‌

Category: News 878 0


ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි 400 ක්‌ ලැබී ඇත.

Loading...

මේ පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක්‌ වධහිංසා හා වෙනත් නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව බව ආරංචිමාර්ග ඊයේ (11 දා) පැවැසීය.

මේ හැර රහස්‌ පොලිසියට එරෙහිවද ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත පැමිණිලි රැසක්‌ ලැබී තිබේ.

රහස්‌ පොලිසිය වධකාගාරයක්‌ බවට පත්වී ඇති බව එම පැමිණිලිවලින් දන්වා තිබේ.

හතරවැනි තට්‌ටුව යෑයි හඳුන්වන රහස්‌ පොලිසිය තුළ තව දුරටත් වධහිංසා පමුණුවන බවට සාක්‍ෂි රැසක්‌ද මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇතැයි පැවසේ.

Loading...

Related Articles

Add Comment