සිරකරුවාගේ අනාගතය

Category: Opinion 57 0

අප රටේ නීති පද්ධතිය පිළිබදව තර්කයක් නැත. ඒ මන්ද යත් නීතිය විවිධ හේතූන් නිසා නැමුනේද, ඒ නැමුනු තැනින් වරදක් නැති මනුෂ්‍යයෙක් සිරගත වන බව දන්නා නිසාය. ලංකාවේ නීතිය ඒ අයුරින් හරි අපූරුවට ක්‍රියාත්මක වෙද්දී. සිරගතව සිට එලියට පැමිණෙන මනුෂ්‍යයා පිළිබදව නීති පද්ධතිය සිතන්නේද යන්න ගැටලුවකි. යම් වරදක් නිසා සිරගත වන මිනිසෙකු, සිරගතවීමට පෙර යම් රැකියාවක නියුක්තව සිටියේද, සිරෙන් නිදහස් වූ ඔහුට නැවත එම රැකියාව ලැබෙන ප්‍රථිශතය 5% කි. රැකියාවක නියුක්තව සිට දඩුවමක් විද එලියට එන මනුෂ්‍යයා නිකමෙකි. ඔහු එතැනින් එහාට කොතනටද?

Loading...

මේ රටේ නීති පද්ධතිය විසින් සිරගත කල මිනිසා ඔහුව තල්ලු කලේ කොතනටද?. සමාජ ගැටලුවක්.. තම දරු පවුල දෙමාපියන් ජීවත් කල ඒ මිනිසා අවසානයේ කොතනටද? ඔහු සිරගෙය තුල විදි කටුක අත්දැකීම් හරහා නිවැරදි මාවතක් තෝරාගෙන ඇත්ද? නැත. ඔහු රුදුරු දරුණු ඝණයේ පුද්ගලයෙකුව සමාජයට පැමිණෙන්නේ පෙර නොකල වැරදි සූක්ෂම අයුරින් ඉටු කිරීමට වඩා දැනඋගතෙකුව නොවේද?.. නීතියට පිටු පෑ මිනිසාට නීතිය පිටුපා ඇති බව පසක් නොවේද?. එසේනම් ඔහු සිරමැදිරිය තුල මැවූ චිත්ත රූපය එලියට පැමිණෙන විට විනාශ කරලීමද නීතිය සතු වගකීමක් නොවේද?. සමාජ අසාධාරණයට ලක්වන මිනිසුන් පිළිබදව නීතියේ දෙවගනගේ අන්ධ දෑසට නොපෙනෙන මේ සත්‍ය අත්දකින්නේ කවදාද?.

සිතිය යුතුය, සමාජය වෙනස් විය යුතුය. යම් අයෙකු වැරදි පුද්ගලයෙකුව සිරගත කරනවා සේම දණ්ඩනය නිම කොට එලියට පැමිණෙන ඔහු නැවත නීතිය විසින්ම පිළිගත යුතුය. සමාජයේ ඔහුට නිවැරදි මාවත පෙන්විය යුතුය.. ආර්ථික බරින් හෙම්බත් මිනිසා හොරෙකු කොට සමාජයට දායක කරනවාට වඩා බුලත් විටක් හෝ විකුණා දියුණුවන මිනිසෙකු කොට සමාජයට දායක කිරීම සිදු වියයුතු නොවේද.. එසේ නොවේ නම් සිදුවන්නේ නීතිය හරහා වඩාත් දරුණු පුද්ගලයන් සමාජයට දායක කිරීම බව සිතිය යුතුය… අහිංසකලා අංගුලිමාලලා කරන අන්ධ නීති පද්ධතිය මිනිසුන් තලා පෙලීමට එහා ගිය සුබසාධන පද්ධතියක් වන්නේ කවදාද?.. සත්‍යයේ විමසුමට

 

ඉරෝෂ් හෙට්ටිගේ

Loading...

Related Articles

Add Comment