නිමල් බෝපගේට වැඩ වරදින ලකුණු

Category: News 5,431 1

3573713504bd27f7edac64f96aa9798e_xl

දැඩි ආන්දෝලනයකට තුඩු දී සිටින පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ නිසි අවසරයකින් තොරව විදේශගත වී ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ අයවැය විවාද පැවැත්වෙන දිනයන් හි දී අමාත්යාංඇශ ලේකම්වරු විදේශ සංචාර සියල්ල අවලංගු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නියෝග නොසළකා ඔහු මෙලෙස විදේශ ගත වූයේය.
රෝමයේ පැවැත්වෙන සිනමා උළෙල සඳහා සහභාගී වීමට නිමල් බෝපගේ විසින් ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාගෙන් නිවාඩු ඉල්ලා ඇතත් ජනාධිපති ලේකම් ඔහුගේ නිවාඩු අනුමත කිරීම ප්‍රතික්ශේප කර තිබේ.
අය වැය විවාද පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබිය දී බෝපගේ නිවාඩු අනුමත කර නොගෙන තම හිතුමතයේ විදේශ ගත වී ඇත්තේ තමන් විදේශගතව සිටින කාලයේ වැඩ ආවරණය කිරීම සඳහා ද කිසිදු නිලධාරියකු පත් නොකරමිනි. මේ හේතුවෙන් අමාත්‍යාංශය දැඩි අර්බුදකාරී තත්ත්තවයකට පත්ව තිබිණි.
අනවසරයෙන් සිය අමාත්‍යාංශය ලේකම්වරයා විදේශගත වූ බව දැනගත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඒ බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාට දන්වමින් වැඩ බැලීම සඳහා නිලධාරියකු පත්කරන්නැයි ද ඉල්ලා තිබිණි.
අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔහු අයවැය ඡන්දයපැවැත්වෙන දිනයන් සහ තම අමාත්‍යාංශ වැය ශීර්ෂ දිනය හිතාමතා මග හරින්නට ඇති බව ද අමාත්‍යාංශ ඔහු ගැන තතු දන්නෝ කියති.
බෝපගේ සම්බන්ධයෙන් වහාම නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු දිගින් දිගට ම තම අමාත්‍යාංශය අවුලෙන් අවුලට පත්කරමින් ආන්දෝලනාත්මක ලෙස කටයුතු කිරීම ගැටළුකාරී බවත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඉහළට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
රජයේ නිලධාරියකු නිවාඩු අනුමතකර නොගෙන විදේශගත වීම ශ්‍රී ලංකා ආයතන සංග්‍රහය අනුව වැඩ තහනමට ලක්විය හැකි වරදකි. බෝපගේ සම්බන්ධයෙන් වත්මන් යහපාලන රජය ගන්නා ක්‍රියාමාර්ග කවරේ දැයි අපි විමසිල්ලෙනි.


Related Articles

One thought on “නිමල් බෝපගේට වැඩ වරදින ලකුණු

  1. Lalana

    Menna meyaa hitigaman ‘Paththarakaarayek’ velaa…. Den berivela lectureslage meeting ahekata giyoth kiyavi mama issara lecture kenek velaa hitiya kiyala ! ‘Debiddo’ ! 👎 🐮 😁

    Reply

Add Comment