මහින්ද නායකත්වය දෙන්න ඕන රටටද ? තම ජාතියටද?.

Category: Discussions 4,597 0

15037245_127561141054659_4814045041847681026_n

Loading...

මහින්ද යනු සලකුණක්. නිකං නෙමෙයි රාජ්‍ය සලකුණක්. එදා මෙදා තුර ලංකාවේ බිහිවුන විශිෂ්ඨ ගණයේ රාජ්‍ය නායකයො අතලොස්සෙන් එක් ස්වර්ණ සලකුණක්.

මහින්ද ජනාධිපතිතුමා පිළිබදව අපිට තියෙන ගරුත්වයට විශේෂ හේතුවක් වනුයේ මේ රටේ තිබුන බෙදුම්වාදී ත්‍රස්ථවාදය විනාශකරන්න කටයුතු කරල කෝටි 2කට ආසන්න ජනතාවකගේ මරබිය තුරන් කිරීමයි.

මේ යුද්ධය නැති කරන්න මහින්දට තනියෙන් පුලුවන් උනාද?…

නැහැ මහින්දට විතරක් තනියෙන් යුද්ධ කරන්න බෑ.. ඒකට රටේ ජනතාවගේ සහයෝගය ඕන. සිංහල, දමිල, මුස්ලිම්, මැලේ, බර්ගර්, කතෝලික ඔය හැමෝම ඒ සදහා සහයෝගය ලබාදීම තුලින් ලබාගත් ජවයෙන් මහින්ද ජනාධිපතිතුමාට කෙලින් තීරණ ගන්න හැකියාවක් ලැබුනා…

යුද්ධෙට ගිහින් යුද්ධ කලේ දිවිදුන්නෙ සිංහල බෞද්ධයන් විතරයිද ?..

නැහැ.. සිංහල, දමිල, මුස්ලිම්, මැලේ, බර්ගර්, කතෝලික ඔය හැමෝම මේ රට ත්‍රස්ථවාදයෙන් මුදාගන්න යුධ පෙරමුනේ හිටියා, මේජර් තුවාන් මුතාලිෆ්, බුද්ධි අංශ ප්‍රධානී.. කොටි වෙඩි තියල ඝාතනය කලා.. ඒ මියගියේ තමන්ගෙ ජාතිය වෙනුවෙන්ද? නැහැ මේ රට වෙනුවෙන්. මම දන්න පාබල හමුදාවෙ කෝප්‍රල් මොහොමඩ් .. දන්න තරමින් ත්‍රස්ථයො 500 ක් 600 ක් වත් එලොව යවල ඇති . ඒ ජාතිය වෙනුවෙන්ද?.. නෑ මේ රට වෙනුවෙන්.. ඔය වගේ විවිධ ජාතියේ උන් මේ හමුදාවෙ ඉදන් තමන්ගෙ රට වෙනුවෙන් යුද්ධෙට ගියා.. ගිහින් මැරුනා.. දිසානායකට යුද්ධෙන් වෙඩි වදිනකොට එතන හිටපු මොහොමඩ් තමා උස්සගෙන ආවෙ.. එතැන ජාති භේද තිබුනෙ නෑ..

මහින්ද යුද්ධෙ කරනකොට මුස්ලිම් , දමිල නායකයෝ ඒකට උදව් කලේ නැත්ද ?

උදව් කලා.. රවුෆ් හකීම්ලා, රිෂාඩ් බද්යුදීන්ල, මොහොමඩ් මුසම්මිල්ල, තොණ්ඩමන්ල, දිගම්බරම්ල, අවසානෙ මොහොතෙ කොටි නායකයෙකු උන කරුණා අම්මාන් පවා උදව් කලේ පුද්ගලික න්‍යාය පත්‍ර ගුලි කරල පැත්තකට විසි කරල.. රට වෙනුවෙන්.. මොකද බෝම්බයක් පිපිරුනාම මැරුනෙ ජාති වශයෙන් වෙන් වෙලා නෙමෙයි.. ඔක්කොම එකගොඩේ.. අකුරැස්සෙ බෝම්බ ගැහුවෙ මුස්ලිම් ගම්මානෙකට නේද?.. ඒ මිනිස්සු නෙමෙයිද..

එහෙම හැමෝම එකතුවෙලා බේරගත්ත රටක ජීවත් වෙන්න ඔවුන්ට අයිතියක් නැතිද ?

* මහින්ද රාජපක්ෂ යනු ජාතියක් වශයෙන් සින්නක්කර අයිතියක් ලියාගත හැකි මනුෂ්‍යයෙකු නොවේ…ඔහු පිරිසිදු සිංහල බෞද්ධ වුවත්.. ඔහු මේ රටේ සෑම ජනකොටසකටම අයිති අද්විතීය මිනිසෙකි..

ජාතිවාදී ලේබල් ගහල ඒ චරිතය විනාශ කරන බලවේග එදත් අදත් පෙරමුනේ ඇත…. විමසිල්ලෙන්…

Loading...

Related Articles

Add Comment