හාල් මිල මම පෙබරවාරියේ අඩු කරනවා – ඩඩ්ලි සිරිසේන

Category: News 857 0


සහල් තොගමිල ලබන පෙබරවාරි මස 20 වන දිනෙන් පසු රුපියල් 5 කින් අඩුකිරීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කර සිටී.

එසේම දැනට පවතින සහල් තොග මිල ගණන් ලබන වසර මුල දක්වාම කිසිම ලෙසකින් වැඩි නොකිරීමටද වගබලාගන්නා බව ඊයේ (11) කොළඹ ජයික් හිල්ටන් ‍හෝටලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.

කිසියම් වී මෝල් හිමියෙකු, මෙම මිල ගණන්වලට වඩා වැඩි මිලකට සහල් තොග විකිණීමට උත්සාහ ගතහොත් දේශිය සහල් සඳහා පෙබරවාරි 20 දිනෙන් පසු පාලන මිලක් ඇති කිරීමට පියවර ගන්නා ලෙස රජයට යෝජනා කරන බවත්, ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී පැවසීය.

දැනට පවතින තොග මිලට වඩා වැඩි මිලකට කිසිම වී මෝල් හිමියකුගෙන් සහල් මිලදී නොගන්නා ලෙස තමා සහල් වෙළඳුන්ගෙන් ඉල්ලා සිටින බවත්, එසේ වැඩි මිලට සහල් තොග ඇළෙවිකරන වී මෝල් හිමියන් පිළිබඳව තමාට දැණුම් දෙන ලෙසද සිරිසේන මහතා මෙහිදී පැවැසීය.


Related Articles

Add Comment